ගන්දර, බංගලාවත්ත ප්‍රදේශයේ ධිවරයකුගේ 24 හැවිරිදි බිරියක් සිය 4 හැවිරිදි පුත්‍රයාද සමග ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගෙන ඇති බව පසුගිය 23 වැනිදා වාර්තා විය.
ණය දෙන මුල්‍ය ආයතන සහ ඒවායේ නිලධාරි පැලැන්තියේ හිරිහැර, තර්ජන හා ලිංගික සූරාකෑමේ පීඩාව දරා ගැනීමට නොහැකිවීම ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන සහ මුල්‍ය සමාගම්වල අධික පොලී සහිත ණය ක්‍රම යනාදී හේතූන් මත දිවි නසාගැනීම් සිදුවන බව සමීක්ෂණ වලින් අනාවරණය වේ.
2019 වර්ෂය තුල සියදිවි නසාගත් ප්‍රමාණය 180ක් බව පොලිස් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරන අතර ඉන් 154ක් පිරිමින්ද 26ක් කාන්තාවන්ද වේ. 2018 වර්ෂයේ මෙසේ දිවි නසාගත් සංඛ්‍යාව 238කි. මෙවැනි සියදිවි නසාගැනීම්වලට හේතුව ආර්ථික දුෂ්කරතා, දුප්පත්කම සහ ඉසිලිය නොහැකි ණය බර බව අවධානයට ලක් වී තිබේ.
ජනාධිපතිවරණයේදී මෙවැනි ණයගැති කාන්තාවන් වෙත සහන ලබා දෙන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයෙන් සහන ලැබෙන තුරු ණයබරින් පීඩිත ජනයා බලා සිටින නමුත් මෙම ආණ්ඩුවද මේ වනවිට ජනතාවට පවසන්නේ සමෘද්ධි සහනාධාරවලින් ණයක් ගෙන ණය පියවිය හැකි බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...