දේශීය පුවත්

පසුගියදා වලල්ලාවිට ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රේගුවේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත්කළ විශ්‍රාමික ජෙනරාල්වරයා තමන්ට සැහීමකට පත්විය හැකි ආකාරයට කටයුතු කර නැති බවත් අවශ්‍ය නම් නිළධාරින් සියලු දෙනාම ඉවත් කර හෝ එම ආයතනය නිසි මගට ගැනීමට තමන් පසුබට නොවන බවත්ය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු නිළධාරීන් පවසා සිටින්නේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හරහා රේගුව ගැන වැරදි චිත්‍රයක් මවන බවයි.

එසේම රුපියල් මිලියන 250ක කහ ටොන් 1017ක් රේගුව විසින් නැවැත්වූ බවත් ,රේගුව ලෙස 2017 සිට 2020 දක්වා සිගරට් මිලියන 15ක් රාජසන්තක කර ඇති බවත් ඔවුන් පවසයි. මේ හරහා රජයට අහිමි වෙන්න ගිය බදු මුදල රුපියල් බිලියන 5.7ක් බවද රේගු නිලධාරීන් පෙන්වා දෙයි. මෙවැනි මුදලක් රජයට අහිවිම වැළක්වීම වංචාවක්දයි එම නිළධාරීන් ප්‍රශ්න කර සිටියි.

ඊට අමතරව යම් දූෂණ සහ වංචාවන් සිදුවේ නම් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමවේදයේ ඇති ගැටලු නිසා එසේ සිදුවෙන බව ද රේගු නිළධාරීන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් පසුගිය කාලයේ සීනි ආනයනය කිරීමේදී අයකරන බද්ද අඩු කිරීම හරහා රජයට මිලියන ගණනින් පාඩු සිදුවූ බව ද වාර්තා වූ පසුබිමක් යටතේ දේශපාලන විචාරකයන් ප්‍රශ්ණ කර සිටින්නේ වංචාවන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එවැනි වංචාවන්ට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොකරන්නේ මන්ද යන්නයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More