දේශීය පුවත්

රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාල ද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවයි.

ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් අනුමැතියට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් කුලී වශයෙන් ගෙවා තිබුණ අතර වත්මන් පාලනය යටතේ ද එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඉවත් කලත් මසකට ගෙවිය යුතු කුලී මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙළිකරති.

මේ වනවිට විශේෂ සොයා බැලීමක් ද ආරම්භ කර ඇතැයි සඳහන් කරන ඔවුහු මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට විගණන නිලධාරීන් පිරිසක් කටයුතු ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More