ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන පරිදි ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත.මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවත් චන්දිම ජීවන්දර මහතා පවසයි.
විදේශවල සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී පසුගිය සති දෙක ඇතුළත එකතු කරගන්නා ලද කොවිඩ් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මෙම වයිරසය හමු වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර පවසා සිටී.
මෙම වෛරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වයිරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන අතර එය B 1.258 ලෙස හඳුන්වන බවද පවසයි.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාට අනුව මෙය ප්‍රතිදේහජනක පරීක්ෂණවලට හසු නොවන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන අතර මෙම වෛරසය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කෙරේ. කෙසේ වුවද මේ වෛරසය සම්බන්ධයෙන් ජනතාව බියට පත් නොවන ලෙසද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඉල්ලා සිටියේය.
මේ අතර ලොව ප්‍රකට නේචර් වෙබ් අඩවිය පවසන්නේ වයිරසය දැනට වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, චෙක් සමූහාණ්ඩුව, ස්විට්සර්ලන්තය, පෘතුගාලය, අයිස් ලන්තය ඇතුළු යුරෝපා කලාපයේ රටවල්වලින් බවයි.
නේචර් වෙබ් අඩවියේ පළකොට ඇති නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තියට අදාළ සිතියමට අනුව ඊට ගොදුරු වූ රෝගීන් තිදෙනකු ලංකාවෙන් වාර්තා වී ඇති බවට සලකුණු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...