මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට කර ඇති නිර්දේශවලට රුසියාව, චීනය, කියුබාව යන රටවල් එරෙහි වී ඇත.
එම සම්බාධක පැනවීම සඳහා මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිත වුවද මානවහිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පවසන්නේ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවට යොමු කර ඇති නිර්දේශ ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවට බැඳී නැති බවයි.
එසේම ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමු කළහොත් ඊට එරෙහිව නිශේධ බලය යෙදවීමට ද රුසියාව හා චීනය එකඟ වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කර ඇති නිර්දේශවලට දැඩි ප‍්‍රතිචාරයක් දක්වමින් ශ‍්‍රී ලංකා රජය අද (27) දින ඇය වෙත වාර්තාවක් යැවීමට තීරණය කර ඇත.
මෙම වාර්තාවේ රජය දක්වා ඇත්තේ; මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම නිර්දේශ මුළුමනින්ම කොටි ඩයස්පෝරාවේ නිර්දේශ බවට චෝදනා කරන බවත් ඇගේ සහය මත බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහ ගෙන ඒමට යෝජිත නව ජිනීවා යෝජනාවට කිසිසේත් එකඟ නොවන බවත්ය.
පිටු 17 කින් යුත් ඇයගේ නිර්දේශ මාර්තු 18 දා ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබුණ ද පසුගිය සෙනසුරාදා (23) දින එය කොටි ඩයස්පෝරාවට ලැබී ඇත.
පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව වැඩි කිරීම, මුස්ලිම් මෘතදේහ වළ දැමීමට ඉඩ නොදීම යන චෝදනා ද මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාවට එල්ල කර තිබෙන අතර යුධ හමුදාවට සහ පොලිසියට විදේශ පුහුණුවීම් ලබානොදිය යුතු බවට ද ඇය යෝජනා කරයි..
මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට සහ සර්ව ලෝක අධිකරණයට යොමු කළ යුතු බවයි.
(දිවයින පුවත් ඇසුරිනි)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...