දේශීය පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම පිණිස ඊයේ (26 ) මාර්ගගත ක‍්‍රමය ඔස්සේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන වාර්තා නිකුත් කළත් කොරෝනා මරණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන්නේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව පමණක් බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ජාතිවාදී ස්වරූපයක් ඇති වන්නේ යැයි පවසා සිටියත් එම චෝදනාව මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවද කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.

රජයට හෝ කැබිනට් මණ්ඩලයට රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලින් බැහැරව කටයුතු කිරීමට තරම් සෞඛ්‍යමය දැනුමක් නොමැති බව අවධාරණය කළ ඇමැතිවරයා, එසේ කටයුතු කර වගකීම් භාර ගැනීමේ හැකියාවක් රජයට නොමැති බවද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෙහෙලිය රඹුක්වැල්ල මහතා,”කොරෝනා මරණ පිළිබඳ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇති සෞඛ්‍යමය දැනුම පිළිබඳ මෙහිදී ගැටලූවක් මතුවනවා.කොරෝනා වෛරසය සීඝ‍්‍රයෙන් පැතිර ගිය සියයට සියයක්ම මුස්ලිම් ජනතාව වෙසෙන චීනයේ එක් ප‍්‍රාන්තයක පවා කොරෝනා මරණ සම්බන්ධයෙන් වෙනත් කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැහැ.නමුත් කිසිවකුත් කිසිදු චෝදනාවක් ඒ වෙනුවෙන් කළේ නැහැ. කොරෝනා මරණ භූමදානය හෝ ආදාහනය කිරීම යන ක‍්‍රම දෙකම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණද, එහි අවසන් තීරණය ගැනීමේ වගකීම පවරා ඇත්තේ අදාළ රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරින්ටයි. එනිසා මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පිටින් වැඩ කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැහැ” යැයි පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More