දේශීය පුවත්

ඊයේ වනවිට කොවිඩ්19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කර ඇති බවද පාරිලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද කථනායක කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි ඊයේ (26) වන විට පාර්ලිමේන්තු පොකුරෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබූ බවයි.

වයිරසය අසාදනය වූ මන්ත්‍රීවරුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්වූ සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි දැනටමත් බියවී ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් පර්ලිමේන්තුව තුළ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට කතානායකවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම වගකීම් විරහිත හැසිරීම පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු සේවකයන් පවසන්නේ පාර්ලිමේන්තුව පුංචි අටළුගමක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මහජන සෞඛ්‍යය පරීක්ෂකයෙකු පවසා සිටියේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි වගකීම් විරහිත ලෙස හැසිරීම හේතුවෙන් සමාජය ඔවුන්ගේ ආදර්ශය ගත හොත් කොවිඩ්19 වෛරසය පාලනය කිරීම සෞඛ්‍ය අංශ වලට අපහසු වනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More