ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් කලක් විදුලිය සම්ප්‍රේෂණය සඳහා යොදාගත් ආනයණික පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිඟන් සංස්ථාව සමත්වීම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
විදුලි බල මණ්ඩලය මෙතෙක් භාවිතා කළ ආනයනික පරිවාරක උපාංග සාම්පල උපයෝගී කරගනිමින් ලංකා පිඟන් සංස්ථාව විසින් දේශීයව නිෂ්පාදනය කළ පළමු පරිවාරක උපාංග කට්ටල පසුගිය දා 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් වෙත පිළිගැන්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
2020 දෙසැම්බරයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලි බල මණ්ඩලයේ සහ ලංකා පිඟන් සංස්ථාවේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට විදුලිය සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිපදවීමේ හැකියාව විමසා බැලීම පිණිස පැවති සාකච්ඡාවේදී ආනයණික සාම්පල යොදාගනිමින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ලංකා පිඟන් සංස්ථාවට පැවරිණි. පිඟන් සංස්ථාව මසක් වැනි කෙටි කලකදී අවශ්‍ය සාම්පල දේශීයව නිපදවා කර්මාන්ත අමාත්‍යවරයාට මෙසේ පිළිගන්වා තිබේ.
ආනයණික උපාංගවලට වඩා ශක්තිමත් බවින් යුතු, මිල අඩු දේශීය විදුලි පරිවාරක උපාංග මෙරට විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග එක්ව කටයුතු කරන බව පැවසූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම පියවර “මේඩ් ඉන් ශ්‍රී ලංකා” සංකල්පය තවදුරටත් ඉහළට ඔසවා තැබීමේ පියවරක් බව ද මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...