යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ ජනතාව ඇතුලු සියලු දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය විසින් රවටා ඇති බව පවසමින් (25) දින යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියක්; යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ මුණියප්පර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ කොට යාපනය නල්ලූර් කෝවිල ආසන්නයෙන් බස්නැවතුම්පල හරහා රෝහල් පාරෙන් නැවත දොරේඅප්පා ක්‍රීඩාංගනයට ගමන් කිරීමට විරෝධතා කරුවන් විසින් පියවර ගෙන තිබුණි.
එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ,
‘‘දෙමළ ජාතික සන්ධානය විසින් දෙමල ඩයස්ෆෝරාව ඇතුලු ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින් දෙමළ ජනතාව මුලා කරමින් කටයුතු කරන බවටත් යුධ සමයේදී සැබෑවටම උතුරු නැගෙනහිර සිදු වූ සත්‍ය සිදුවීම් යටපත් කරමින් දෙමළ ජනතාවට වෛරී සහගත සිතිවිලි ඇති කිරීමේ උත්සාහයක නිරතවන බවටත් එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුධ සමයේදී සිදු කරන ලද යුධ අපරාධ, දෙමළ ජනතාවට සිදුකරන ලද පීඩාවන් සම්බන්ධයෙන් කිසිදු දෙමළ දේශපාලන නියෝජිතයෙකු විසින් අනාවරනය නොකරන අතරම සියල්ලක්ම ආරක්ෂක අංශ විසින් සිදුකලේ යැයි පවසා දෙමළ ජනතාව රැවටීමේ උත්සාහයක් දෙමළ ජාතික සන්ධානය විසින් සිදු කරන බව ද” විරෝධතාකරුවන් පැවසූහ.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් සැසියේදී දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රීලංකා යුධ හමුදාවට එරෙහිව සිදු කරනු ලබන චෝදනාවන් සියල්ලක්ම සාධාරණ නොවන බැවින් එය දෙමළ ජනතාවටම සිදු කරන හානියක් බවටද දෙමළ ජනතාවගේ සැබෑ ගැටලු, සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවටද විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...