අදානි සමාගම විසින් සිදුකරණ ඉංදියාවේ සුලු ගොවීන්ගේ ඉඩම් කොල්ලකෑමට විරුද්ධව ඉංදියාවේදී කරගෙන යනු ලබන විරෝධතාවයන්ට සහාය දැක්විම සඳහා අද (26) දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී විරෝධතාවයක් පවත්වන ලදි.
ඉංදීය ශ්‍රී ලංකා ජන සහයෝගිතාවය, කඳුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩමි හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය, යන සංවිධාන මගින් මෙම උද්ඝෝෂනය සංවිධානය කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ මෙහි සංවිධායක එස්. ටී. ගනේෂලිංගම් මහතා පවසන ලද්දේ ඉංදියාවේ අදානි සමාගමට එරෙහිව එහි සුලු ගොවීන් විසින් මාස දෙකක පමණ කාලයක් උද්ඝෝෂන පවත්වන බවත් එයට සහාය වශයෙන් මෙම උද්ඝෝෂණය පවත්වන බවත්ය.
එමෙන්ම අදානි සමාගම මේ වන විට ලංකාවේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ලබා ගැනිමට උත්සහා කරන බවත් එයට අමතරව ලංකාවේ තවත් විශාල තේ වතු සමාගමක්ද ගැනීමට සුදානම් බවත් එවන් මිළදී ගැනීමක් සිදු වුවහොත් ඉංදියාවේ ගොවීන්ට මෙන්ම ලංකාවේ වතු කම්කරුවන්ටද විශාල ප්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවන බවත් එම තත්වයන් මත මෙම අදානි සමාගමට ලංකාවේ දේපල ලබා දීමට තමන් විරෝධය පල කරන බවත් ඔහු තවදුරටත් පවසන ලදී.
මෙහිදි අදහස් දැක්වු සී. එස්. සී. ලෝයල් ආයතනයේ අධ්‍යක්ෂ ඒ. ප්‍රේම්කුමාර් මහතා “අද මේ අදානි සමාගම හේතුවෙන් ඉංදියාවේ ගොවීන් දැඩි ප්‍රශ්ණවලට මුහුණ දීලා තියෙන්නේ. මෙම ගොවීන් රැක ගැනිමට සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි”.
“මේ ගොවීන් නැතිනම් ජනතාවට කන්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම මේ අදානි සමාගම ලංකාවේ විශාල තේ වතු සමාගම්ද මිළට ගැනීමට සුදානම් බවට රාවයක් පවතිනවා. එසේ වුවහොත් මෙහි කම්කරුවන්ටත් දෙවියන්ගේ පිහිටයි. එමනිසා මෙයට අපි දැඩි විරුද්ධත්වයක් පල කරනවා”. යයි ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...