දේශීය පුවත්

දුප්පතාගේ විශේෂ බැංකුව, නියාමනයට ‘කළමනාකරණ මණ්ඩලය‘ තුළ ඉඩක් ඇත

ලංකාවේ සමෘද්ධි බැංකු 1074 ක් ඇත. මහා සංගම් 331 කි. ඒවායේ ඇති මේ රටේ දුප්පත්ම ජනතාවගේ තැම්පත් ප්‍ර‍මාණය රුපියල් බිලියන 140 කි. එක්සත් ජාතික පක්ෂයේ සිය මැයි දින රැළියේ දී පැවසූවේ සමෘද්ධි බැංකු ‘ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන බවයි.

දුප්පත්ම මිනිසුන්ට සහනයක් වීමට විශේෂයෙන් සැකසූ බැංකුවක් මහ බංකුව යටතට පත්වීමේ අවශ්‍යතාව අද වනවිට දේශපාලනඥයින්ට අයථා පරිහණය කළ නොහැකි සමෘද්ධි තැම්පතු සදහා අත තැබීම බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මහ බැංකුව යටතට ‘සමෘද්ධි බැංකු රැගෙන යාම තැම්පතු ලාභීන්ගේ තැම්පතු විනාශ කිරීමේ ක්‍රියාවලියක ආරම්භය විය හැකිවා පමණක් නොව අද බලපැවැත්වෙන නීතිය අනුව කළ නොහැකි කටයුත්තකි.

2013 අංක 1 දරණ දිවි නැගුම පනත 35 වන වගන්තිය මෙසේය.

1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන සහ 2011 අංක 42 දරණ මුල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන මේ පනතේ විධිවිධාන යටතේ පිහිටුවනු ලැබූ බැංකු සහ බැංකු සමිති සම්බන්ධයෙන් අදාළ කරගනු නොලැබිය යුතුය.

අගමැතිවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් 2013 අකං 1 දරණ දිවි නැගුම පනත සංශෝධනය කළ යුතුය. ඒ සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් පමණක් නොව පළාත් සභාවන් හි කැමැත්ත ද ලැබිය යුතුය.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය ධුරයෙන් ඉවත් කිරීම සදහා වන එදා මහින්ද රාජපක්ෂ රජය තීරණය කරන්නේ මේ පනත සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 ට අමතරව පළාත් සබාවේ අනුමැතිය ද අවශ්‍ය බවට තීරණය කිරීම නිසාය. එදා, එජාපය ද, ජවිපෙ ද, සිවිල් සංවිධාන ද, කීවේ ‘බැසිල් රාජපක්ෂට සමෘද්ධි තැම්පතු නොදුන් නිසා අගවිනිසුරුතුමියට තනතුර නැති වූ බවයි. දැන් යහපාලන රජය සමෘද්ධි තැම්පත් සදහා අත තැබීමට සුදානම් වේ.

අද, 2013 අංක 01 දිවි නැගුම පනත මගින් මේ සියළු බැංකු බැංකු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කොට ඇත. ඒ නිසා මෙම දේශපාලන අවශ්‍යතා මත මුදල් ලබා ගැනීම අපහසුය.

2014 දී බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සමෘද්ධි බැංකු මුදල් මිලියන 300 ක් පමණ රු. 2500 බැගින් ප්‍ර‍තිලාභීන් වෙත ලබාදුන්නේය.
දින 100 රජය යටතේ මේ අමාත්‍ය ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා ද, කිසිදු පුද්ගල හෝ වත්කම් ඇපයක් නොමැතිව මේ අරමුදල් පරිහරණයට කටයුතු කළේය. මෙම තත්වය නිසා, ලබා දුන් රු. 2500 ක මුදල ණය කරුවන්ගෙන් නැවත අය කිරීම මේ වන විට ඇරඹී ඇත.

සමෘද්ධි තැම්පතු පරිහණයට විවිධ ආණ්ඩු දැරු උත්සාහයන් ව්‍යර්ථ විය. සමෘද්ධි තැම්පතු අද ලංකාවේ ඉතිරි වී ඇති විශාලතම මුදල් සංචියයි. දේශපාලන අවශ්‍යතාව මත එම මුදල් පරිහරණයට දැරූ උත්සාහයන් අවස්ථා ගණනාවක දී ව්‍යර්ථ විය. එපමණක් ද නොව, අද වන විට මේ පිළිබදව දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු ගණනාවක් ද පැවරී ඇත. නඩු නොවැටෙන ආකාරයට සමෘද්ධි තැම්පතු දේශපාලන ව්‍යාපෘතීන්ට යොදවා ගැනීම සදහා කරන කුමන හෝ උත්සාහයක් පරාජය කළ යුතුය!

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More