දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇති බව කියමින් පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදීම සඳහා කර ඇති නිර්දේශ පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිළධාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසකට අසාධාරණ ආකාරයට උසස්වීම් ලබා දීමට දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කළ කොමිසමක් මගින් යෝජනා කර තිබිණි.
මෙම යෝජනාවට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිළධාරීන්ගේ සිට පහළ ශ්‍රේණියේ නිළධාරින් දක්වා දැඩි විරෝධයක් එල්ල විය.
මෙම උසස්වීම් ලබාදීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව දැඩි පාරිපාළණමය අර්බුදයකට ලක්වන බවට උසස් පොලිස් නිළධාරින් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...