දේශීය පුවත්

හෙල බොදු සවිය සංවිධානය එහි සභාපති බුදුගල ජිනවංශ හිමිගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් නූතන තාක්ෂණ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ බරපතළ ගැටළුකාරී තත්වයන් වාර්තා වෙත්දීත් අධ්‍යාපන අමාත්‍යාංශය එය නියාමණය කිරීමට පියවර නොගන්නේ මන්දැයි ප්‍රශ්ණ කර සිටී.

එම නිවේදනය මෙසේයි.

කොවිඩ් 19 සමාජ ගතවීම නිසා සියලු සමාජ පද්ධතින් බිඳ වැටිනි. එයින් ප්‍රධානතම එකක් ලෙස පාසල් අධ්‍යාපනය ගත හැකිය. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා නූතන තාක්ෂණය යොදා ගැනීම උචිත වුවත් එයින් අතුරු ප්‍රශ්න රාශියක් මතුව ඇත. සමස්ථ රටේම තොරතුරු තාක්ෂණික මෙවලම් එක ආකාරයට දියුණු වී නොමැත. මේ නිසා දරුවන්ට උස් ස්ථාන වෙත ගොස් තම දුරකථන හා ටැබ් යන්ත්‍ර සදහා සංඥා ලබා ගැනිමට කටයුතු කරන ආකාරය සමාජ මාධ්‍ය තුළ ඉතා සංවේදීව දැක ගන්නට ලැබිණි.

මෙම ඔන්ලයින් අධ්‍යාපනය අමානුෂික ව්‍යාපාරයක් බවට පුද්ගලික අධ්‍යාපන ආයතන සිදු කරන බව දැන් රට වටෙන්ම සිටින දෙමාපියන්ගෙන් ලැබෙන චෝදනාවකි.පෙරවරු 7 සිට රාත්‍රි 11,12 දක්වා දරුවන් යොදා ගනිමින් මෙම ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමට සැළසුම් කරයි. එක් පංති පැකේජයක් සදහා දරුවන් 800,ක් 900ක් සිටියි. එම නිසා දරුවෙක් කෙරෙහි කිසිම පුද්ගලික අවධානයක් නැත.

මෙම ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවෙක් ගෙන් මීට පෙර ගත්ත පංති ගාස්තුවට සමාන මුදක්ම අදත් ලබා ගනියි. කොවිඩ් එන්නට පෙර පුද්ගලික අධ්‍යාපන ආයතනය පවත්වා ගෙන යාමට සේවයින්ට, ගොඩනැගිලි ගාස්තු ද, ශබ්ද විකාශන ගාස්තු ද එම ගුරුවරුන්ට දරන්නට සිදු වෙයි. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය තුළ මේ කිසිවක් දරන්නට ගුරුවරුන්ට සිදු වන්නේ නැත. එහෙත් දරුවන්ට මෙයට පෙර ගෙවූ මුදළටම සමාන මුදළක් වැය කරන්න සිදුවෙයි. දරුවෙකුට පැයකට ඩේටා රුපියල් 100ක් නම් උසස් ශ්‍රේණි පංතියක් පැය 3ක් පංති සිදුකරයි. දවසකට පැය 6ක් පංති කරයි නම් ඩේටා සඳහා රු.600ක් ද දරුවන් දෙදෙනෙක් සිටින පවුලක් සදහා රු.1200 වැය වෙයි. ටියුට් ලබා දීමට පංති ගාස්තුවලට අමතරව රු.200ක් ගෙවන්න සිදුවෙයි.මේ නිසා දෙමාපියන්ට පංති ගාස්තුවට සමාන මුදලක් වැයකරන්නට සිදුව ඇත.

මෙම ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. මානසික වෛද්‍යවරුන් කියා සිටින්නේ විනාඩි 20 කින් දරුවන් වෙනත් දෙයකට යොදවා නැවැත ඔන්ලයින් පංතියට යොමු කරන ලෙසයි. එහෙත් එක දිගට කුඩා ස්මාට් ස්මාට් දුරකථනයක් දෙස බලාගෙන සිටින්න සැළස්වීම මගින් එය දරුවන්ගේ මානසික සෞඛයට අතිශයින්ම දරුණු ලෙස බලපායි.

ඩේටා රාත්‍රි කාලයට ලාබ නිසා රාත්‍රි කාලයේ පංති සිදු කරයි. පංති අවසන් වෙන විට දෙමාපියන් නින්දට ගොසින්ය. දරුවා පංති අවසන් කිරිමෙන් පසුවද අන්තර්ජාලය සමගම සෙල්ලම් කරයි. යාළුවන් සමග ඡායාරුප හුව මාරු කරගනියි. රටේ අනාගතය දරුවන් මානසික ආබාධවලින් යුක්ත දරුවන් රටේ කොවිඩ් 19ට වඩා බරපතල විය හැකිය. එම නිසා රජය ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව වහාම මැදිහත් වියයුතු අතර ඊට අවශ්‍ය නියාමණයන් ඇතුලත් කිරීමට වහාම නෛතික පියවරයන් ගතයුතු කාලය එළඹ ඇත.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්යේ අවුරුදු 18 අඩු ළමයින්ට නිදහස් අධ්‍යාපනය දෙන බවට පොරොන්දුවක් ලබා දී ඇත. එහෙත් අද මෙම තත්වය මුදල් හිමි පංතියට පමණක් සිමා වූ ඉගෙනුම් ක්‍රමවේදක් බවට පත්ව ඇත. එසේම රටේ ආනගත පරපුර මන්දමානසික ජාතියක් වන අතර කිසිම නිර්මාණාත්මකභාවක් මෙන්ම සාමුහිකව ජිවත් විමේ ඇති වටිනාකම මෙම ක්‍රමයෙන් උදාවන්නේ නැත. එම නිසා රජය වහාම මැදිහත්වී මෙම ඔන්ලයින් තාක්ෂණික ඉගෙනුම් ක්‍රමය විධිමත් පටිපාටියකට ගෙන ඒමට නීති සම්පාදන ක්‍රමවේදයක් කරා වහාම පියවර ගැනිමේ අවශ්‍යතාවය එළඹ ඇත.

බුදුගල ජිනවංශ හිමි
සභාපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More