වරාය වෘත්තිය සමිති 23ක නියෝජිතයින් විසින් සැකසූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම හෝ වෙනත් කිසිදු පාර්ශවයක් ආයෝජන පාර්ශව කරුවෙකු කරනොගෙන සංවර්ධනය කිරීම සඳහා වන යෝජනා මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමිට පැපිලියාන සුනේත්‍රාදේවී විහාරස්ථානයේදී පිළිගන්වනු ලැබීය. එම අවස්ථාවේදි උන්වහන්සේ පවසා සිටියේ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් යම් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කළහොත් ඉදිරියේදී ආණ්ඩුව බරපතළ අර්බුදයකට යා හැකි බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් 49%ක් ඉන්දිය සමාගමකට ලබාදීම සඳහා යෝජනාවක් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති අතර ඊට මේ වනවිට වරාය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළකරති.
මෙහිදී අදහස් දැක්වු පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පැවසුවේ, “අපිට මේක ඩොලර් මිලියන 600ක් නැතිකම නිසා කරන්න බැහැ කියලා කියනවා නම්. මේ අපේ රටේ හැදෙන පාරවල් හදන්න ඩොලර් මිලියන කොච්චර යනවද කියා මම අහන්න කැමතියි. ඒ මංමාවත් හදන දේවල් මේ වසරකට දෙකකට තුනකට හරි නතර කළත් අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා මුදල් නැහැ කියන කතාව බොරුවක්. අනිත් එක එදා අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ කිව්වේ මේක දෙන්න එපා කියලා. මම මෛත්‍රීපාල ජනාධිපතිවරයා ළඟට උදේ පාන්දර 7ට එතුමා අර පත්තරේ බලන්නත් කලින් ගිහිල්ලා මම කිව්වා ජනාධිපතිතුමනි ඉඩකඩම් විකුණගෙන කන තාත්තා කෙනෙක් ළඟට ඇවිල්ලා අඬ අඬ අනේ තාත්තේ අපිට ජීවත් වෙන්න තියෙන ගේයි වත්තයි ඉඩමයි රැකලා දෙන්න කියන පුතෙක් වගේ හිතන්න මාව. ඒක තුට්ටු දෙකට විකුණලා දැම්මාම අපිට සල්ලිත් නැහැ වරායත් නැහැ” යනුවෙනි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට විරෝධය පළ කරමින් අද දහවල් දුම්රිය සේවක සංගමය ද කොළඹදී විරෝධතාවක නිරත විය.
එහිදි විරෝධතාකරුවන් විසින් තැපැල්පත්වල සිය විරෝධතාව සටහන් කර ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...