දේශීය පුවත්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී (Sputnik V) සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනයේ නිෂ්පාදිත කොවැක්සින් (Covaxin) යන කොවිඩ් -19 මර්ධන එන්නත් දෙකම ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවත් සෑම එන්නතකටම අදාළ ලියකියවිලි මේ වනවිට ලැබී ඇති බවත්, තීරණයක් ගැනීමට පෙර මෙම සියලු ලියකියවිලි හොඳින් පරීක්ෂා කිරීම සිදුකරන බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ පවසයි.

මේ අතර, ජනවාරි 22 වන දින ඖෂධ නියාමන අධිකාරිය ශ්‍රී ලංකාවේ “හදිසි භාවිතය” සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය ලබා දුන්නේය

“හදිසි භාවිතය” යන පදය පැහැදිලි කරමින් වෛද්‍ය ජයසිංහ පවසා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඖෂධ ලියාපදිංචියට අදාළ ක්‍රියාවලිය සිදුකිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා ලොව පුරා කොවිඩ් -19 එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරන බවයි.

ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයද කොවිඩ් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ ඒ නිසා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More