අද (25) දින සමගි ජන බළවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළ මංගල රැස්වීමේදී සමගි ජනබළවේගයේ සභාපති ලෙස යුධ ජයග්‍රහණයේ ප්‍රධාන සෙන්පතියෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කර ඇත.
මිට අමතරව සමගි ජන බළවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කර ඇත. එම පිරිස වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මෙම නව පත්වීමට ලංකා ලීඩ් පුවත් සේවයේ ශුභාශිංසනය පුද කරමු.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...