දේශීය පුවත්

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිචෙල් බැචලේ ලබන මාසයේ ජිනීවාහි ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාවේ දී ලෝකයාගෙන් ඉල්ලා සිටීම හා ඊටත් වඩා දුර දිග යන මහ කොමසාරිස් වරිය එකී මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට ද නිර්දේශ කර තිබීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. ඔහුගේ අදහස වූයේ 2016 වසරේ සිට අපේ රණවිරුවන් මෙවන් තත්ත්වයකින් මුදවා ගැනීම සඳහා ජිනීවාහි විශාල කාර්‍යභාරයක් කල බවත්, 2017 වසරේ මාර්තු මාසයේදී ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් විරුවන්ගේ විත්තිවාචිකය නමින් ගෝඨාභය මහතාට බාරදුන් බවත්, ජිනීවා මානව හිමිකම් සමුළුවට එම වාර්තාව බාරදුන් බවත්, පසුගිය යහපාලන රජය පලවා හැරීමෙන් පසු ලැබුන පළමු අවස්ථාවේම වත්මන් රජය විත්තිවාචකයේ සඳහන් කර තිබුන ආකාරයට කටයුතු කළ යුතු බවත්වේ. එම මාර්ගය තෙවැදෑරුම් බවත්, එනම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව දෝශ සහිත හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාටීන් උල්ලංඝනය ඇතිබව පෙන්වීම, රණවිරුවන් නිර්දෝශ බව පෙන්වීම සහ මානව හිම්කම් සමුළුවේ සාමාජික රටවල් දිනාගනිමින් රටට එරෙහිවු වාර්තාව නිශ්ප්‍රභා කර ඒ අනුව පැනවූ සියළුම ඳඬුවම් ඉවත් කරගැනීම යනුවෙනි. ඉන් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස තම උපරිමයෙන් කටයුතු කර පළමු හා දෙවන කාරණා සඳහා අවශ්‍ය වාර්තාව ලබාදී ඇති බවත් දැන් රජයට ඇත්තේ එහි තුන්වන ක්‍රියාමාර්ගයට එළඹීම බවත් එතුමා පවසන ලදී. තවද රජයට අවශ්‍යනම් විත්තිවාචකය සම්පාදනය කරනලද විද්වත් මණ්ඩලයේ සේවය ලබාගත හැකි බවත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ඉදිරියේදීත් තම සංවිධානය ජිනීවාහි පෙනී සිටීමට සූදානම් බවත් පවසන ලදී. කෙසේ වුවද රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ජිනීවාහී කළයුතු කටයුතු වලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් ඉටු කර ඇති බවත් දැන් ඇත්තේ රජය පාර්ශවයෙන් ඉටුවිය යුතු ක්‍රියා බවත් එතුමා අවධාරණය කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More