දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය විසින් පේරාදෙණියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් ඔවුන් පැවසුවේ මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසයි.
කොවිඩ් – 19 වෛරසය මර්ධනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නේ යයි ඔවුන් චෝදනා කරති.
එම මාධ්‍ය හමුවේදී දේශීය වෛද්‍යවරුන් විසින් අවධාරණය කරමින් තවදුරටත් පෙන්වා දුන්නේ විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් සිටින බළධාරීන් කිසිදු අතුරු ආබාධයක් නැති දේශීය ප්‍රතිකාර වලට අවස්ථාව නොදීමට කටයුතු කරමින් ඇති බවත් මෙය තත්වය දේශීය පාරම්පරික ප්‍රතිකාර ක්‍රම හෑල්ලුවට ලක් කිරීමක් බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...