දේශීය පුවත්

පොල් සංවර්ධන පනත සංශෝධනය කර පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්‌යේෂණ ආයතනය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය යන ආයතන තුන ඒකාබද්ධ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තාවන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රය නියාමනය වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ වනු ඇත.

එහි දී කප්රුක අරමුදල් කළමනාකරණ පනතද අහෝසි කොට එහි කාර්යයන් පොල් සංවර්ධන පනතට ඇතුළත් කිරීමට නියමිත වන අතර පනත සංශෝධනය කර පොල් වගා හා ආශ්‍රිත කර්මාන්ත සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

දැනට මෙම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ පොල් ගෙඩි අස්වැන්න මිලියන 3100ක් වන අතර ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට පොල් වගාව සංවර්ධනය වී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පෙන්වා දෙයි. දිවයින පුරා හෙක්ටයාර හාරලක්ෂ හතළිස් තුන්දහස් හයසිය තිස් අටක පොල් වගා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More