දේශීය පුවත්

පසුගිය වසරේ ගල් අඟුරු දහනයෙන් අතුරු ඵලයක් ලෙස ලැබුණු අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් තුන්දහස් එකසිය තිස් නවයක් (333,139) වූ අතර එයින් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ හයදාස් එකසිය හතළිස් තුනක් (306,143) අලෙවි කරඇත. එසේ අලෙවිකල අළුවලින් රුපියල් මිලියන 717.2ක ආදායමක් ලැබී තිබේ. අළු මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉහළින්ම සිටින්නේ සිමෙන්ති සමාගම්ය. එක් සමාගමක් මෙට්‍රික් ටොන් හැත්තෑතුන්දහස් දෙසිය විස්සක අළු ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ. මීට අමරව තවත් සිමෙන්ති සමාගමක් අළු මෙට්‍රික් ටොන් 65300ක්ද මිලදී ගෙන ඇත.

2019 වර්ෂය තුළ අළු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ නවදහස් හයසිය අනූ හතරක් (279,094) නිපද වී ඇති අතර එයින් අළු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැට තුන්දහස් අනූ තුනක් (263,093) විකිණීමට හැකි වී තිබේ. එම වර්ෂයේ අළු විකිණීමෙන් ලැබූ සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 736.5 බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන පැවසීය. සාමාන්‍යයෙන් දෛනිකව අළු මෙට්‍රික් ටොන් 800ත් 900ත් අතර ප්‍රමාණයක් බලාගාරයෙන් නිපද වේ. ඒ අනුව නිපදවෙන අළු සෑම පැය තුනකට වරක් පරීක්ෂණාගාරයක් තුළ පරීක්ෂා කරනු ලැබේ. අළු ටොන් එකක් සිමෙන්ති නිෂ්පාදන සමාගම් මගින් රු. 3000ත් 4000ත් අතර මිල ගණන් යටතේ මිලදී ගනු ලැබේ. තවද 2011 වර්ෂයේ සිට මේ දක්වා විකිණීමට නොහැකිව ඉතිරි වී අංගනයට බැහැර කරන අළු පුද්ගලික ආයතන තුනක් වෙත ගඩොල් නිෂ්පාදනයට ලබාදීමට නියමිතය.
(අරුණ පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More