ලබන බදාදා (27) දින ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා (AstraZeneca) කොවිඩ් – 19 මර්ධන එන්නත ලබා දීම බ‍්‍රහස්පතින්දා (28) දින සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
‘‘මේ එන්නත් ලක්ෂ 5ම ප‍්‍රදානයක් හැටියට ලැබෙන්නේ. ඒ සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නෑ. අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබාදීමේ ප‍්‍රයෝජනයක් තියෙන්නේ. අපේ රටේ 18ට වැඩි ජනතාව සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා. ඊට පස්සේ ත‍්‍රිවිධ හමුදාවට සහ පොලිසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට. කිසිම අවස්ථාවක අනුපිළිවෙළෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.’’ යනුයෙන් ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය.
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රා...