“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිචෙල් බැචලේ ලබන මාසයේ ජිනීවාහි ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාවේ දී ලෝකයාගෙන් ඉල්ලා සිටිනු ඇතැයි “ලංකා ඊ නිව්ස්” වාර්තාකර තිබේ.
ඊටත් වඩා දුර දිග යන මහ කොමසාරිස් වරිය එකී මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ඓCC) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට ද නිර්දේශ කර තිබේ.
මේ තරම් බරපතල යෝජනාවක් මීට පෙර ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල කර නොමැත.
මෙම වාර්තාව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙත ලබා දී ඇති අතර එයට ප්‍රතිචාර දැක්වීමට ජනවාරි 27 දක්වා කාලය පවතින බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළොඹගේ “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට පවසා තිබේ.
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රා...