දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ “සටන” වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයන් විසින් පැහැදිලි කර තිබේ. පහත දැක්වෙන්නේ ඔවුන් වෙන් වෙන් වශයෙන් දැක්වූ අදහසයි.

ප්‍රසන්න කළුතරගේ – සභාපති , වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

කලාපයේ සියලු වරායන්වලට අභියෝග කරලා මුදල අඩු කරන්න පුළුවන් නැගෙනහිර පර්යන්තයෙන්. ඒක නිසා තමයි අපි මේක දැකලා නායකයන්ට කිව්වේ මේක ගන්න කියලා. මේ පර්යන්තයට යාබදව තමයි SAGT පර්යන්තය තියෙන්නේ. SAGT පර්යන්තයයි මේ පර්යන්තයයි කියන්නෙ තාප්පෙ විතරයි කඩන්න ඕනා. 2029 දී SAGT පර්යන්තයේ ගිවිසුම් ගත කාලය ඉවර වෙලා වරාය අධිකාරියට බාරදෙන්න ඕනා. බාරදුන්නට පස්සේ මේක box port එකක් බවට පරිවර්තනය වෙනවා. ලෝකෙ box port තියෙන්නෙ 4යි. 4න් එකක් ලංකාව තුළ නිර්මාණය වෙනවා. box port එකක් කියන්නෙ එක පැත්තකින් main line ටික පාලනය කරනකොට අනිත් පැත්තෙන් main line එකත් එක්ක එන ලොකු නැව් පොඩි නැව් දෙකම පාලනය කරන්න පුළුවන්. දැන් ඒ ක්‍රමය වෙන වරායවල්වල නැහැ. CICT එකට නැවක් ආවහම ECT එකට ට්‍රැකින්ග් කරන්න ඕනා, SAGT එකට වාහන දාලා මේක අද්දන්න ඕනා. ඒවාට ඩොලර් 8ක් යනවා. එතකොට මේ වාසිය අපිට නැව් සමාගම්වලට දෙන්න පුළුවන්.

ශාමල් සුමනරත්න – ප්‍රධාන ලේකම්, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංවිධානය

ජනාධිපතිතුමා සාකච්ඡාවක් දුන්නා නෙමෙයි. අපි සාකච්ඡාවක් ගත්තා. වරාය අධිකාරියේ මුළු ආදායමෙන් 82%ක් ප්‍රතිඅපනයන. එතකොට ප්‍රතිඅපනයනවලින් 66%ක් එන්නෙ ඉන්දියාවෙන්. මේක ඉන්දියාවට නොදුන්නොත් මේ ප්‍රතිඅපනයන ආදායම අපිට නැතිවෙනවා කියලා ජනාධිපතිතුමා අපට කියන්නෙ. ඒකට අපිට උත්තරයක් තියෙනවා. රටකට බැහැ ප්‍රතිඅපනයනවලට බලපෑමක් කරන්න. වරායකට ගෙනල්ලා දැම්මට පස්සේ නැව් සමාගම තමයි එතනට යන්නෙ. නැව් සමාගම්වල එකම ඉලක්කය තමයි මිල සහ කාලය. අඩුම නැව් ගාස්තුව තියෙන්නෙ අපිට. ප්‍රධාන නැව් ගමන් මාර්ගයේ තියෙන අඩුම කාලයකින් ලඟා වෙන්න පුළුවන් අපිට. ප්‍රධාන නැව් සමාගම් කිසිවක් අපිව මගහැරලා ඉන්දියාවට යන්නෙ නැහැ. ඉන්දියාව දේශපාලන වශයෙන් තීන්දුවක් ගත්තොත් අනාත වෙන්නෙ ඉන්දියාව. අපිට මේ ටික ජනාධිපතිතුමාට කියාගන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ.

නිරෝෂන් ගොරකානගේ – ප්‍රධාන ලේකම්, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය
අපිට සාකච්ඡාවට ඉඩක් තිබුණේ නැහැ එතන. අපි වචන එකක් දෙකක් කියනකොට එතුමා සීයක් විතර කියනවා. කොහෙත්ම අපේ අදහස කියාගන්න හම්බුනේ නැහැ. අපිට දැනිච්ච විදිහට එතුමා ඉන්දියාවේ අමාරුකම් ටික තමයි කිව්වෙ. ලංකාවෙ අමාරුකම් කියනවා කියලා දැනුනේ නැහැ. ලංකාවේ බරපතල ණය උගුලක අපි ඉන්නවා. මේ සැප්තැම්බර් මාසෙ වෙනකොට ඩොලර් බිලියන 5.8ක් අපි ගෙවන්න ඕනා අපි ගත්ත ණය පොලී වාරිකය විදිහට. අපි හිතුවා රටේ තියෙන ණය අර්බුදය ගැන කියලා මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම අපිට විග්‍රහ කරලා දෙයි කියලා. එහෙම දෙයක් තිබුණේ නැහැ. ලංකාවේ පළවෙනි වතාවට කැබිනට් පත්‍රිකාවේ අදානි නම් කරනවා. ඇයි එහෙම කරන්නෙ. මේක විවෘත ටෙන්ඩර් කැඳවන්න පුළුවන්නේ. අපි විකුණනවට එකඟ නැහැ. අපි කියන්නේ මේක සියයට 100ක් වරාය අධිකාරියට තියෙන්න ඕනා කියලා. අදානි එනවා කැබිනට් පත්‍රිකාවට. ඒක වෙන්නෙ කොහොමද?

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More