ප‍්‍රධාන පුවත්

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු වූ ලැරී කිංග් 87 වෙනි වියේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර Cedars-Sinai Medical Center රෝහලේදී ජීවිතයෙන් සමුගෙන ඇතැයි RT පුවත් සේවය වාර්තා කරයි.

CNN නාළිකාවේ ලොව පුරා ඉතා ජනප්‍රිය වූ ලැරී කිංග් ෂෝ (Larry King Show) වැඩසටහන දීර්ඝ කාළයක් මෙහෙයවූ ඔහු ලෝකයේ ඉහළම පෙළේ රාජ්‍ය නායකයින්, විද්වතුන්, ජනප්‍රිය ගායක ගායිකාවන් ඇතුලු පුලුල් පරාසයක විහිදයන විවිධ මට්ටමේ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ලැරී කිංග් ෂෝ (Larry King Show) වැඩසටහන්වලට සම්බන්ධ කරගෙන තිබීම විශේෂත්වයකි.

1985 – 2010 දක්වා වූ එම වකවානුව තුළදී ලොව දක්ෂතම සහ ජනප්‍රියතම රූපවාහිනී සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා ලෙස, ලෝක ප්‍රසිද්ධ සම්මාන වන Emmy සම්මානයක්, Peabody සම්මාන 2ක්, CableACE සම්මාන 10ක් ඇතුළු සම්මාන රාශියක් ද දිනා සිටි අයෙකු වුවද පසුකාලීනව CNN නාළිකාවේ ක්‍රියාකළාපය පිළිබඳව තෘප්තිමත් නොවූ හෙයින් 2013 වසරේ සිට රුසියාවේ RT ප්‍රවෘත්ති නාළිකාවට සම්බන්ධවිමෙන් අනතුරුව ලොව ඉතා ජනප්‍රිය වූ RT PoliticKing සහ Larry King Now යන වැඩ සටහන් මින් පෙර CNN නාළිකාවේ වැඩසටහන් වල පරිමාවෙන්ම කරගෙන යෑමට RT නාළිකාවේ උපරිම සහයෝගය ලබාගත්තේය.

තම වෘත්තීය භාවිතාවට නිහතමානී ආඩම්බරයක් උරුම කර ගැනීමට සමත් වූ ඔහුගෙන් 2014 වසරේදී ඒ පිළිබඳව විමසා සිටි අවස්තාවේදී ප්‍රකාශ කර තිබුනේ ලොව බළවත් පුද්ගලයින්ගෙන් ලබාගත යුතු මින් පෙර නොදැන සිටි සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීම සහ තමනට බොහෝ දේවල් කියාදුන් පුද්ගලයෙකු ලෙස ජනතාව තමාව සිහිකරනු දැකීම තම අරමුණ බවය.

Larry Kingගේ වියෝව පිළිබඳව සංවේගය ප්‍රකාශ කරමින් RT පුවත් සේවයේ ප්‍රධාන සංස්කාරකවරිය වන මාගරිටා සිමොන්යන් (Margarita Simonyan) සඳහන් කරන්නේ රූපවාහිනී පුරාවෘත්තයක් වන ඔහුගේ නික්මයෑම දැරිය නොහැකි පාඩුවක් වන බවයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/usa/507925-larry-king-dies-hospital/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More