දේශීය පුවත්

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සොයා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලින් ආසාදිතයන් වාර්තාවීම 5.5% සීමාවට පැමිණ ඇති බවයි.එහිදි අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මාසයකට කලින් එය 3% මට්ටමේ තිබුනද අද වන විට ශ්‍රී ලංකාව අවදානම් මට්ටම පසු කර අවසන් බවයි.

රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයට අනුව ආසාදිතයන් වැඩිවීම සමගින් අනිවාර්යයෙන්ම මරණ සංඛ්‍යාවද ඉදිරියේදී ඉහළ යනු ඇත.

මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලුත්ගේ මහතා,”මූලාශ්‍රයක් සොයා ගත නොහැකි රෝගීන් දිනපතා වාර්තා වෙමින් තිබෙනවා. බිම් මට්ටමේ යතාර්ථය නම් සමාජය ව්‍යාප්තියක් තිබෙන බවයි. ‍ප‍්‍රායෝගික යථාර්ථය වන්නේ ද සමාජ ව්‍යාප්තියක් බව කිව යුතුයි.අද වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද වෛරසය ආසාදනය වෙමින් පවතිනවා. එළඹෙන පෙබරවාරි මස මැද පමණ වන විට ආසාදිත රෝගීන් විශාල ලෙස රෝහල්වලට පැමිණීමට පටන් ගත හොත් ඔවුන්ට ප්‍රතිකාර කරන්නේ කවුද?” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More