සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ අබුඩාබි සිට ත්‍රීකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ; ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාව ඊයේ (23) දින පෙරවරුවේ හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී ගල් පරයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පසු නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් මෙතෙක් වාර්තා වී නැති බවත් යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට සියලු පාර්ශව මේ වනවිට සුදානමින් පසුවන බවත්ය.
මීටර 180 ක් දිගැති මෙම නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිටි බව සඳහන් ය.
මේ අතර ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ යාත්‍රාව ගුවනේ සිට නිරික්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුධ්රීය බල ඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානයක් යොදා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...