දේශීය පුවත්

මුහුදු මාර්ග ඔස්‌සේ නීති විරෝධීව ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තයට යැමට යාත්‍රාවකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනකු මැලේසියානු ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ දකුණු දිග මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. පිරිස අතර කාන්තාවන් 24 ක්‌ පිරිමි පුද්ගලයන් 98 ක්‌ සහ දරුවන් 7 දෙනකු සිටින බව වාර්තාවේ.

මිනිස්‌ ජාවාරමකට අනුව ඔස්‌ටේ්‍රලියාවට හා නවසීලන්තයට ඇතුළු වීම සඳහා මොවුන් ගමන් කරමින් සිට ඇති අතර ජාවාරමට සම්බන්ධ ඉන්දුනීසියානු ජාතිකයන් තිදෙනකු හා මැලේසියානු ජාතිකයන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් පිරිස දැනට මැලේසියාවේ රඳවාගෙන සිටින බව එරට රාජකීය පොලිසියේ විශේෂ ශාඛාව තහවුරු කර ඇතැයි මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 131 දෙනාගේ අනන්‍යතාව මේ වන විට තහවුරු කරගනිමින් සිටින බව මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙම පිරිස අතරින් 43 දෙනකු සතුව එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලයෙන් නිකුත් කරන ලද හැඳුනුම්පත් තිබෙන බවද හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් මැලේසියාවේ ජොහාර් බාරුහි නෙනාස්‌ ආගමන විගමන රඳවා ගැනීමේ මධ්‍යස්‌ථානයේ රඳවා සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More