දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප‍්‍රධානියා වූ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් උපක‍්‍රමශීලීව පිළියන්දල ප‍්‍රදේශයේ දී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු කර ඉන්දියාවට පැන ගිය පොලිස් ඔත්තුකරුවකු ලෙස ව්‍යාජව පෙනී සිටි එම්.එම්.එම්. නවාස් නමැත්තා සහ තවත් පුද්ගලයකු රුපියල් කෝටි දහසක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග‍්‍රෑම් සියයක් ද සමගින් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 2017 වසරේදී රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරී පිරිස මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිළියන්දල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප‍්‍රහාරයට ගොදුරු වූහ.

එහිදී එක් පොලිස් නිලධාරියකු මරණයට පත්වූ අතර රංගජීව මහතා මාරාන්තික තුවාල ලබා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිට සුවය ලැබීය. මෙම වෙඩි තැබීම තමන් විසින් සිදු කර වූ බව පසුව “මාකඳුරේ මදූෂ්” විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්ඡාරණය කර තිබිණි.

පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඉන්දියාවට පලා ගොස් පාකිස්තාන සහ ඉරාන ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ගනිමින් මහා පරිමාණ කුඩු ජාවාරමක යෙදී සිටියදී නවාස් ඉන්දීය පොලිසියට කොටුවී ඇත.

මොහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා මොහොමඞ් අෆ්නාස් නමැත්තා බව ඉන්දීය පොලිසිය අනාවරණය කර තිබේ. මොවුන් දෙදෙනා ව්‍යාජ නම්වලින් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සැඟවී සිට ඇත.

එසේ සිටිමින් පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානයට අයත් ලොව හෙරොයින් නිෂ්පාදන ති‍්‍රකෝණයේ නිෂ්පාදනය කෙරෙන මත්කුඩු තොග මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාව, මැලේසියාව සහ ඔස්ටේ‍්‍රලියාව ඇතුළු විවිධ රටවලට බෙදා හැරීමේ ජාවාරමක් මොවුන් දෙදෙනා විසින් මෙහෙයවා ඇති බව ද ඉන්දීය පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මොවුන් දෙදෙනා කොටුකර ගෙන ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා ඉන්දීය වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් තූත්තුකුඩියට දකුණු මුහුදේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් අනූපහක් සමග අත්අඩංගුවට ගනු ලැබූ “ෂෙනායා දුව” නමැති මෙරට ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවය.

ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් ලබා දුන් තොරතුරකට අනුව තූත්තුකුඩි මුහුදේදී “ෂෙනයා දුව” බහුදින ධීවර යාත‍්‍රාව ශී‍්‍ර ලාංකිකයන් හයදෙනකු ද සමගින් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය නිලධාරීන් සමත් වූ අතර එය මීගමුව ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් යාත‍්‍රාවක් බව ද පසුව අනාවරණය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More