දේශීය පුවත්

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම පාලන කාලය තුළ ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටිය නමුදු තමන් ඊට එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“මම ජනාධිපතිධූරය දරන කාලයේ දීත් මේ කොළඹ වරාය ඉන්දියාවට ඉල්ලුවා. මම බොහෝම පැහැදිලිව ම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ වගේම මම ජනාධිපතිධූරය දරන කාලයේ දී වරයාට ගිහිල්ලා ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. ඒක නිසා නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එකඟ වෙන්න පුළුවන්කමක් නෑ. යහපාලන ආණ්ඩුව තුළ තිබුණ යම් යම් ගැටලුසහගත තත්ත්වයන් කවුරුත් දන්නවා. ඒකෙ දී අනෙකුත් පාර්ශවයන්වලින් මේ ගැන යම් යම් උනන්දුවීම් තිබුණා. නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කර ගන්න උත්සහ කළා මගේ කාලය තුළ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More