දේශීය පුවත්

ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක නෞකාවක් දෙසට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පැමිණ ගැටීම නිසා සිදුවූ අනතුර හිතාමතා කළ සාපරාධි ඝාතනයක් බව පවසමින් ලංකාවේ නාවිකයන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන ලෙස ඉන්දීය ධීවරයන් තමිල්නාඩු ආණ්ඩුවට බලකර තිබෙන වාතාවරණයක් තුළ ලංකාවේ නාවික යාත්‍රාවක ගැටීමෙන් ඉන්දීය ධීවරයන් තිදෙනකු හා ලාංකිකයකු මහ මුහුදේ ගිලී මියයාම සම්බන්ධව ඉන්දීය රජය ලංකා රජයට නිළ වශයෙන් අප්‍රසාදය පළකර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධව තමිල්නාඩු ධීවර සංගම් පවත්වන උද්ඝෝෂණ වලට දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ ද එක්වූ අතර ලංකා නාවික හමුදාව හෙලා දකිමින් දහස් සංඛ්‍යාත ඉන්දීය ධීවරයෝ මියගිය සිව්දෙනාගේ ඥාතීන් සමග එක්ව වෙරළබඩ රාමේශ්වරමේ හි උද්ඝෝෂණ පැවැත්වූහ.

අනතුරින් මිය ගිය ධීවරයන්ගේ සිරුරු මේ වනවිට යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර එම සිරුරු ආපසු ඉන්දියාවට භාර දෙන ලෙසත් ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ බලකරති. රාමේශ්වරම් ධීවර සංගමය විසින් ලබා දී ඇති තොරතුරු අනුව මියගොස් ඇත්තේ මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර් සෙල්වම් ය. සෑම් නේසපෙරුමාල් ලංකාවේ යුද සමයේ ඉන්දියාවට පළා ගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ ජීවත්වූ ලාංකිකයෙකි.

මේ අතර, යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ නියෝජිතයකුගේ නිරීක්ෂණය යටතේ යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණ පරීක්ෂණ පවත්වන ලද බව නාවික හමුදාව පවසයි. ලංකාවේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් නොවන තමිල්නාඩු ධීවරයන් ඉල්ලා සිටින්නේ විශ්වාසනීය විමර්ශනයක් පැවැත්වීම සඳහා මළ සිරුරු තමිල්නාඩුවට ලබා ගත යුතු බවයි.

මේ අන්දමට තමිල්නාඩුවේ ධීවර සංගම්, ධීවර ජනයා මෙන්ම තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින් ගෙනයන විරෝධතා ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට පාදක විය හැකි තත්වයක් පැන නැගී ඇත. ඉන්දිය ධීවරයන් ලංකාවේ උතුරේ ධීවර සම්පත් කොල්ලකෑම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාදාමයක් වන නමුත් මේ දක්වා ධීවරයන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීම හෝ නඩු පැවරීම පමණක් සිදු විය.

ඉන්දිය ධීවරයන් නාවික හමුදා යාත්‍රාවක් හමුවේ අනතුරකින් මිය ගිය බවට වාර්තාවන පළමු අවස්ථාව ලෙස මෙය සැළකේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More