දේශීය පුවත්

දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වීම ද මගහරිමින් සිටින පක්ෂයේ මහ ලේකම් තනතුර මුල්කොටගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද මතවාදී අරගලයක නියැළී සිටින යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු ද වූ රවි කරුණානායක මහතාව සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට හෝ ඔහු සම්බන්ධ දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වීම සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කොට තිබේ.

කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් “සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය”ට එකතු වීමට කරුණානායක මහතා තුළ බලාපොරොත්තුවත් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන මුත් එම ව්‍යාපාරය ද සජිත් ප්‍රේමදාස මහතා සමග සම්බන්ධ වී වැඩකටයුතු කිරීමට දැනටමත් තීරණය කොට ඇති තත්ත්වය තුළ කරුණානායක මහතා එම ව්‍යාපාරයට සම්බන්ධ වුවහොත් ඊට සමගි ජන බලවේගය සම්බන්ධ වීම පිළිබඳව ද ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව සමගි ජන බලවේගය ජේෂ්ඨයන්ගේ මතය වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More