දේශීය පුවත්

උතුරු ප්‍රදේශයේ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා හානියට පත් කිලිනොච්චිය, කන්දකුලම් වැව් බැම්ම කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා නැවත පිළිසකර කර තිබේ.

සිද්ධිය සැල වූ විගස ක්‍රියාත්මක වූ භටපිරිස් වැව් බැම්මේ තර්ජනයට ලක්විය හැකි ස්ථාන පරික්‍ෂා කර ජලය පිටතට කාන්දු නොවන ආකාරයට වැලි උර අතුරා සකස් කරනු ලැබ ඇති අතර ගංවතුර හේතුවෙන් විශාල ප්‍රදේශයකට ඇතිවීමට තිබු මහා විනාශයක් වළක්වා ගැනීමට භටපිරිස් සමත් වී ඇත.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් සහ ප්‍රදේශවාසීන් එක්ව දියත් කර ති බූ මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන නිරීක්‍ෂණය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More