දේශීය පුවත්

සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි අද (22) දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ නැගෙනහිර පර්යන්තය රැකගන්න කටයුතු කරන ව්‍යාපාර හා මාධ්‍ය ආයතන අවදානමක පසුවන බවත් ඉන්දියාව අතීතයේ සිට මෙවැනි අතපෙවීම් සිදුකිරීමේදී, රාජතාන්ත්‍රික සම්බන්ධතා බිඳ වැටෙන ආකාරයට කටුයුතු කර ඇති බවත්ය.

ඒ අනුව ගත් කළ, මෙම ගනුදෙනුවට බාධා පමුණුවන පිරිස් හා මාධ්‍යවලට එරෙහිව ද ප්‍රහාර දියත්වීමේ අවදානමක් ඇති බව පවසන උන්වහන්සේ වැඩිදුරටත් කරුණු පහදමින්;

“ඉන්දියාව හැමදාම මත්ස්‍ය න්‍යාය අනුගමනය කළා අපේ රටට විරුද්ධව.අපිව හැමදාම ඔවුන්ගේ ගොඳුරක් කර ගන්න ලෑස්ති කරා. එහි නරකම ප්‍රතිඵලය තමයි අපි දැක්කා අපේ රාජ්‍ය නායකයින් කීපදෙනෙක්ම ඝාතනයට ලක්වෙනවා. ප්‍රේමදාස මහත්මාගේ ඝාතනය ගැන පවා ඉන්දියාවට චෝදනා ලැබුණා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව යම් කිසි සාධාරණ සැකයක් මතු වෙලා යනවා ඉන්දියාවේ යම් කිසි සම්බන්ධයක් පාස්කු ප්‍රහාරය මත තිබුණා කියලා.”

“දැන් මේ තත්තවයන් එක්ක ඉන්දියාවට විරුද්ධව ගොඩනැගෙන මතවාද හදන මාධ්‍ය ආයතන හෙට අනිද්දා ප්‍රහාරයට ලක්වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෝ, නිර්නාමිකව මහ මග මරලා දාන්න පුළුවන්. කවුරු මරලා දැම්මාද කියලා හොයා ගන්න බැරිවෙයි. ඉන්දියාව බලහත්කාරයෙන් හෝ මේ ගනුදෙනුව සිද්ධ කරන නිසා ඉතාම නරක තත්ත්වයක් තමයි ඉන්දියාව අපේ නායකයෝ ඝාතනය කරලා හෝ මේ අරමුණ සදහා ක්‍රියාත්මක වීමට ඇවිල්ලා තියෙනවා.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

(සිරස පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More