ශ්‍රී ලංකාවේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. කලක් රෝගාතුරව සිටි එඩ්වින් ආරියදාස මහතා මියයන විට 98 වියේ පසුවිය. එඩ්වින් ආරියදාස මහතා දැඩි අමෙරිකන් හිතවාදියෙකු බව ප්‍රසිද්ධියේ පිලිගත් මාධ්‍යයවේදියෙකු විය. මාධ්‍යයවේදියෙකු ලෙස මෙරට ජනයා අතර ජනප්‍රියත්වයක් ඇති කර ගැනීමට එතුමා සමත් විය.
1922 දෙසැම්බර් මස 3 වෙනි දින ගාල්ල උණවටුනේදී මෙලොව එලිය දුටු එඩ්වින් ආරියදාස මහතා කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූවෙකු වන්නේය.1949 මාර්තු 3 වෙනි දින ලේක් හවුස් ආයාතනයට සම්බන්ධ වූ එඩ්වින් ආරියදාස මහතා ලේක් හවුස් ප්‍රකාශන වල කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. දිවයින, ඩේලි නිවුස්,සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ සහ ජනතා පුවත් පත් වල කතෘ මණ්ඩල සාමාජිකත්වය් දැරූ එඩ්වින් ආරියදාස මහතා නවයුගය පුවත් පතේ ප්‍රධාන කතෘ තනතුර දරන සමය නවයුගය පුවත් පතේ ජනප්‍රියම අවධිය ලෙසද සැලකේ.
ගාල්ල උනවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ එඩ්වින් ආරියදාස මහතා සිය ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ලබාගත් බව සඳහන්වේ. එඩ්වින් ආරියදාස මහතා 1945 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ ඉංග්‍රීසි භෂාව වෙනුවෙන් මූලික උපාධිය ලබා ගෙන ඇති බව සඳහන් වේ.
ජනසන්නිවේදනය විෂය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට එකතු කිරීමට දැඩි පරිශ්‍රමයක් ගත් එඩ්වින් ආරියදාස මහතා විවෘත විශ්ව විද්‍යාලයට මාධ්‍යය අධ්‍යයනය විෂය හඳුන්වා දීමටද කටයුතු කළේය. කොළඹ විශ්ව විද්‍යාලයට ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලව හඳුන්වා දීමටද දැඩි පරිශ්‍රමයක් එඩ්වින් ආරියදාස මහතා විසින් ගනු ලැබීය.
සිංහල භාෂාවට අන්තර්ජාලය(Internet ), මාධ්‍ය රූප (media images ) සහ සජීවිකරණය (Animation ) යන වචන හඳුන්වාදීම කරනු ලැබුවේද එඩ්වින් ආරියදාස මහතා විසිනි.
ඔහුගේ අවසන් කටයුතු පසුව දන්වන බව පවුලේ ඥාතීන් මාධ්‍යය වෙත පවසා සිටී. ඔහුගේ අභාවය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය කාර්ය මණ්ඩලයද කනගාටුව ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...