ෂැංග්‍රිලා හෝටලයේ සභාපති හා විල්මා ආයතනයේ හිමිකරු වන සජාඩ් මව්සූන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්වී සිදුකරන ලද රුපියල් කෝටි 1000කට අධික සීනි බදු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරණ සජිත් ප්‍රේමදාස මේ වනතෙක් වචනයක් හෝ කතා නොකිරීමට හේතුව සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාසට අයත් රූපලාවනය ආයතනයක් වන ජාල් සැලූන් (Jaal Salons Shangri-La) ජාලයේ ශාඛාවක් ෂැංග්‍රිලා හෝටලයේ හතරවෙනි මහලේ පවත්වාගෙන යාමට සජාඩ් මව්සූන් සජිත්ගේ බිරිඳ ජලනිට ඉඩකඩ විවරකරදීමට කාරුණික වී තිබීම බව හෙළිදරවු වෙමින් තිබේ.
ජලනි ප්‍රේමදාසගේ Jaal Salons ලංකාවේ සුපිරි හෝටල් කීහිපයකම තම ශාඛා පවත්වාගෙන යයි.
ජලනි හා සජාඩ් අතර පවතින මෙම සම්බන්ධය හේතුවෙන් සජිත් පේමදාස, ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන බරපතලම බදු වංචාවක් වන කෝටි1000 සීනි බදු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත කිසිදු විරෝධයක් නොදක්වා සිටීමට තිරණය කර ඇති බව සමගි ජන බලවේගය අභයන්තරයෙන්ම තොරතුරු හෙළිදරවු වෙමින් තිබේ.
මේ වනවිට ජනතා විමුත්කි පෙරමුණ මෙම බරපතළ වංචාව සම්බන්දයෙන් විපක්ෂයේ හඬ අවදිකරමින් ප්‍රබල විරෝධයක් ගෝඨාභය ආණ්ඩුවට එල්ලකරමින් සිටින අතර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් මේ පිලිබඳව පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී.
රනිල්-මෛත්‍රී ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් පත්වු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණනුවන් සිදුකල මහ බැංකු බැඳුම්කර වංචාව හා සමාන වටිනාකමකින් යුත් මෙම කෝටි 1000 සීනි බදු වංචාව සහ ඉන් පසුව මෙම විල්මා සමාගම විසින්ම සිදුකරන ලද පොල්තෙල් වංචාව ද මේ වනවිට වත්මන් ආණ්ඩුවට එරෙහිව මතුවී ඇති ප්‍රබලතම විවේචනයකි. එවැනි වංචාකාරී කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මෙම ෂැංග්‍රිලා හිමිකරු මෙන්ම විල්මා සමාගමේ සභාපතිගේ නම ප්‍රකාශ කිරීමට පවා සජිත් ප්‍රේමදාස මැලිවන්නේ සිය බිරිඳ ජලනි ප්‍රේමදාසගේ ජාල් සැලූන් (Jaal Salons) ආයතනයට සජාඩ් මව්සුන් ලබාදෙන අනුග්‍රහය බව මේ අනුව තහවුරු වී තිබේ.
මෙවැනි බරපතල වංචාවන් දිහා අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තියක සිට සජිත් ප්‍රේමදාස කටයුතු කිරීම ඇත්තෙන්ම මෙරට ජනතාවගේ මෙන්ම සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් එහි සාමාජිකයින්ගේ ද අභාග්‍යයකි.
ජලනි පේමදාසගේ ජාල් සැලුන් (Jaal Salons) ජාලය පිලිබඳ තොරතුරු පහත ලින්ක් එක තුලින් ඔබට දැනගත හැකි අතර පහත ඡායාරූප ඊට සාක්ෂි දරණු ඇති.
https://1.bp.blogspot.com/-TXD5sRq2-wY/YAkL6UZrRPI/AAAAAAAAlQo/JlycMS_YKswMR8qyp54T97YpKE8j5ICaQCLcBGAsYHQ/s771/Jaal-saloon-JPG.jpg


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...