දේශීය පුවත්

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2013-2015 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව 2021 ජනවාරි 03 දින පාර්ළිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ නිළැධාරීන්ගේ මැදිහ්වීම හරහා අදාළ කාළ පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක (HS Code) යටතේ නිශ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තු විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.

මෙම වසර ත්‍රිත්වය සඳහා අදාළ සමාගම්වලින් රජයට පාඩු වූ මුදල් අයකරගැනීම සඳහා විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාමට මුදල් අමාත්‍යංශ ලේකම් එස් .ආර් .ආටිගල මහතා කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා රේගුව ද කඩිනමින් ඒ සම්බන්ධව පියවර ගත යුතු බවට කාරක සභාව නියෝග කළ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඒ සම්බන්ධව සිය එකඟත්වය පළ කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණි සිටි අතර ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහුද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ද සහභාගී වූහ.

එහිදී අවධානයට ගැනුණු තවත් කරුණක් වූයේ 2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන , ද්විත්ව කාර්ය වාහන (Dual Purpose) ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220 ක් රජයට අහිමිවී තිබීමය. ඊට අමතරව, 2010-2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රු.මි. 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය විණී.

එමෙන්ම 2010 සිට 2014 දක්වා, වෑන් 10 ක් සහ ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුව ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබූ කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More