දේශීය පුවත්

සේනා දළඹුවා පාළනය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් පසු මාධ්‍යයට කරුණු හෙළිකරමින් උතුරුමැද පළාත් පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කීර්ති කුමාර මහතා විසින් ප්‍රකාශ කර සිටියේ බහු ජාතික සමාගම් මගින් අපේ රටට හරිත විප්ලවය ගෙන ඒමට පෙර බවභෝගවලට හානි කළ පණුවකු හැටියට “කඳපණුවා” ගොවීන් හඳුනාගෙන තිබුණ බවත් එකල කඳපණුවා වඳ කිරීමට ගොවීන් කෙම්පහන් ක්‍රම යොදා ගත්තා සේම ඊට යාදෙන පරිදි මුහුන් වගා ක‍්‍රමය මගින් වගාබිමේ වගාවන් සැලසුම් කළ බවත්ය.

මේ පිළිබඳව අප්‍රිකානු රටවල භාවිත ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා; “අප‍්‍රිකානු රටවල ප‍්‍රධාන වගාවක් ලෙස කරගෙන යන බඩඉරිඟු වගාවට වසර 15 ක පමණ කාලයක සිට මෙම සේනා දළඹුවාගේ හානිය සිදු වී ඇති අතර, ඔවුන් පාළනය කිරීමට අප‍්‍රිකානු ගොවීන් සිදුකර ඇත්තේ ඉහත කී අන්දමට මුහුන් වගාව සහ වගාබිමේ කෙළවර තෘණ වැටියක් ඇති කිරීමය. ඒ මගින් සේනා දළඹුවා පාළනය කිරීමට ඔවුන් සමත් වී ඇත”.

“බහු ජාතික සමාගම් මගින් “සේනා දළඹුවෙක්” නම් කොට ඔවුන් පාළනයට විවිධ කෘමිනාශක සැපයීමට කටයුතු කර ඇත. මේවා සීරුවෙන් තේරුම් ගෙන ඉදිරි කන්නවලදී බඩඉරිඟු වගා කරන විට යට කී මුහුන් වගා රටාව අනුගමනය කිරීමෙන් “සේනා දළඹුවා” සහමුලින් පාළනය කළ හැකි වේ” යයි විස්තර කළේය.

විශේෂයෙන් පෙරදා අපේ හේන් ගොවිතැනේදී අද මෙන් ඒකීය වගාවක් තිබුණේ නෑ. හේන්වල පැවැතියේ මිශ‍්‍ර වගා රටාවක්. මේ නිසා එක් භෝගයකට බෝවන කෘමීන් පණුවන් වැනි සතුන් වෙනත් භෝගයකදී විනාශ කළා. බොහෝ විට පණුවන් සහ කෘමීන් පාළනය කළේ මෙම මුහුන් වගා ක්‍රමය මගින්. ඒකීය වගා රටාව මේ රටට බෝ කළේ බහුජාතික සමාගම්.

වර්තමානයේ බඩඉරිඟුවලට බෝවී ඇති සේනා දළඹුවා පලවා හැරීමට මුහුන් වගා රටාව ඵලදායකයි. බඩඉරිඟු වගා කරන විට එක් පේලියක බඩඉරිඟු වගා කරන විට ඊළඟ පේළියට රනිල භෝගයක් එනම් රටකජු, සෝයා බෝංචි වැනි බෝගයක් සිටුවන ක‍්‍රමයට වගාව පිහිටවිය යුතුයි.

මෙම රනිල භෝග මගින් “සේනා සලඹයා” විකර්ෂණය කරන විට එම “සළඹයන්” වගාව අවසානයේ වටේටම සිටුවා ඇති තෘණ වර්ගවලට ඇදී යයි. මෙම තෘණ වර්ගවල පවත්නා ආකර්ෂණයට “සළඹයන්” ඇදී එන අතර, එහිදී ඔවුන් බිත්තර දැමූ විට මෙම තෘණ වර්ග මගින් එම බිත්තර විනාශ කර දමයි. පෙරදා ගොවිපළේ කඳ පණුවන් විනාශ කළේ මෙම ස්වාභාවික ක‍්‍රමෝපාය මගිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More