දේශීය පුවත්

මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020 ජනවාරි මස 14 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා වූ ශත 25 විශේෂ බද්ද 2021 අප්‍රේල් 14 දක්වා තවත් මාස තුනකට දීර්ඝ කරන බවට නිවේදනය කර තිබේ. එම නිවේදනයට අනුව ලොකු ලූණු, මයිසූර් පරිප්පු ආනයන තීරු බද්දත් කිලෝවකට ශත 25 කි.

සීනි ආනයනය කිරීමට අදාළ තීරු බදු ශත 25දක්වා අඩුකිරීම හේතුවෙන් කෝටි ගණනක පාඩුවක් සිදුවී තිබියදීත් එම බද්ද තවත් මාස 3කට දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

කෙසේ වුවද රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින තත්ත්වයක් තුල පසුගිය මාස තුනක් තුලදී පමණක් සීනි තීරු බද්ද අඩු කිරීම නිසා කෝටි 11,400 (බිලියන 11.4) කට ආසන්න ආදායමක් රටට අහිමි වී ඇති බව ද පැවසේ. මෙම විශේෂ ශත25 සීනි බද්ද යටතේ ආනයනික සීනිවල මුලු ආනයනය වියදම අමෙරිකානූ ඩොලර් මිලියන 102 කට ආසන්න වන අතර මේ යටහ්තේ රටේ වාර්ෂික සීනි අවශ්යතාවය අභිබවන විශාල සීනි ප්‍රමාණයක් රට තුළට ආනයනය කර තිබීමද ගැටලු සහගතය.

මෙතරම් මුදලක් රටට අහිමි වුවද අඩු තීරු බදු සහනය පාරිභෝගිකයාට හිමිවුවේ නැත. පාරිභෝගික ජනතාවට සීනි මිලදී ගැනීමට සිදුවූවේ බදු අඩුකිරීමට පෙර තිබූ මිලටමයි.

එසේම සීනි ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත්කර තිබුණත් පසුගිය මාස 3 ක කාලය තුලදී සීනි නැව් පහක් සහ බහාලුම් 2500 ක් පමණ මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් විපක්ෂය චෝදනා කරන්නේ මෙවැනි ආකාරයෙන් තීරු බදු සහන දෙමින් සිටින්නේ ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයන් වෙනුවෙන් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More