2010-14 සමයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් හා මිහින් ලංකා සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුදල් නාස්තිය සහ බලය අයුතු ලෙස පරිහරණය පිළිබඳ ඔහුට චෝදනා රැසක් එල්ල වී තිබූ ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර ඇත.
ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති වූ විගසම සහ මැතිවරණ සමයේ ප්‍රකාශ කර සිටියේ රටේ වැදගත් රාජ්‍ය ආයතන හා රාජ්‍යතාන්ත්‍රික තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ දී විද්වත් කමිටුවක නිර්දේශ ලබා ගන්නා බවත් ඥාතීන් ඉහළ තනතුරුවලට පත් නොකරන බවත්ය.
සීෂෙල්ස් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පටන් ගනු ලැබූවේ 2010-14 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධූර කාලය තුළදීය. එම කාලයේ දී සීෂෙල්ස් රාජ්‍ය තුළ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ද, ලංකා බැංකු ශාඛාවක් ද ආරම්භ කරන ලදී. 2020වන විට සීෂෙල්ස් රාජ්‍යයේ සමස්ත ජනගහනය 98,000ක් වූ අතර එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,200 කි. ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාම සේවක වසම් වල මීට වඩා වැඩි ජනගහනයක් සිටින අතර ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු ප්‍රමාණයක් වාසය කරන සීෂෙල්ස් රාජ්‍යය තුළ තානාපති කාර්යාලයක් සහ ලංකා බැංකු ශාඛාවක් පිහිටුවීම එකල දැඩි අවධානයට ලක්ව තිබුණි.
එහෙයින් මෙතරම් කුඩා ජනගහනයක් සඳහා ශ්‍රී ලාංකික මහ කොමසාරිස් වරයෙකු පත් කිරීම සැකකටයුතු සිදුවීමකි. මෙම කුඩා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යය කළු සල්ලි සුදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රකටව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අපේ බලාපොරොත්තු කුණුකූඩෙද ?
එන්ක කලින් කිව්ව දේවල් දැන් අමතකවෙලා හැඩයි .
නිශ්ෂබ්දව සිටීම අපටම මරු පහරක් කයහඈ