දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත දි පැවති පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවයි.

එහෙත් උප සභාපති ධුරවලට පත්කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කරුණානායක හා අර්ජුන රණතුංග යන මහත්වරුන් අද එම උත්සවයට පැමිණ නොසිටීම විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ රටේ පාර්ලිමේන්තුවෙන් පිටත හඬක් ඕනේ. ඒ හඬ ඇතිකරන එකේ වගකීම තමයි මේ නිලධාරි මණ්ඩලය භාරගෙන තිබෙන්නේ. ඒ සඳහා අපේ මූලික ප්‍රතිපත්ති පදනම් කරගෙන අලුත් දැක්මක් අලුත් ප්‍රතිපත්ති, සකස් කරන්න තිබෙනවා. එයත් මෙ අලුත් මුහුණුවලට ඉශ්ඨ කරන්නට තිබෙන වගකීමක්. මේ ජනතාවට ලෙඩ හැදෙනවානම්, කොවිඩ් වසංගතයෙන් අපි නැතිවෙනවා නම් පක්ෂ බේදයෙන් තොරව ඒ අය ආරක්ෂා කරන එක අපේ යුතුකමක්. කොවිඩ්-19 පාලනය කිරීම පිළිබඳව තවම සැලැස්මක් ඉදිරිපත් කරලා නැහැ . හෙට එන්නත් කරනවා, අනිද්දා එන්නත් කරනවා කියා ජනතාව මුලාකරන්න එපා. ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා කවුරුන් එක්කද කථා කළේ ? මොකක්ද අත්සන් කළේ ? මොකක්ද ලැබෙන්නේ ? කියන ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. සමහර විට මම මේවා ඇසුවා කියලා මට මාධ්‍යයෙන් බනී. ඒකට කමක් නැහැ. කොහොමත් මට හැමදාම බනිනවා නේ. බනින්නේ නැති දවසක් නැහැ. එහෙත් රට වෙනුවෙන් අපිට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More