දේශීය පුවත්

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා “ටෘත් විත් චමුදිත” අන්තර්ජාල නාලිකාව සමඟ එක් වෙමින් පවසා සිටියේ ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යයතාවය ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ට බවයි.

එහිදී ඔවුන් දෙපල , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධව බවත් ඊට විරුද්ධවනවා පමණක් නොව තම සේවක සංගමයෙන් ඊට විරුද්ධ වන ලෙස ඉල්ලා සිටි බවත් අවධාරණය කළේය.

ආණ්ඩුවේ වෙනත් ඇමතිවරුන්ගේ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම සම්බන්ධයෙන් වන අදහස් පිළිබඳව කළ විමසීමට පිළිතුරු දෙමින් ඔවුන් පවසා සිටියේ, ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නිෂ්චිත වේලාවට ආණ්ඩුව තුළ අවශ්‍යය අරගලය කරණු ඇති බවයි.

එහිදී ඔවුන් දෙදෙනා අභියෝග කළේ හැකිනම් වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගම සම්බන්ධ කරගැනීමට අදාල වන්නාවූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසයි. කොළඹ වරාය ඉන්දියාවට දුන් දවසට පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව අවසන් යයිද ඔවුහු කියා සිටියෝය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More