ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ සේරම් ආයතනය [Serum Institute of India (SII)] හදිසියේ ගිනි ගෙන ගින්නට හසුවූ පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නිෂ්පාදනාගාර සංකීර්ණයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වන අතර, කෙසේ වෙතත්, කොවිඩ් -19 සඳහා වූ එන්නත නිෂ්පාදනයට මෙම ගින්නෙන් කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.
සේරම් ආයතනය යනු ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන අතර මේ වන විට විශාල වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) එන්නත සහ කොවිශිල්ඩ් (Covishield) කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරයි.
ඉන්දියාවේ පූනේ හී මෙම සේරම් ආයතනය පිහිටා ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් යෙදවූ බවද සඳහන් වන අතර ගින්නට හේතුව තවමත් අනාවරණය නොවී ඇති බවට සඳහන් වෙයි.
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රා...