ප‍්‍රධාන පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින 20වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසිදු අවස්ථාවක රට බෙදන, රට කැඩෙන තත්ත්වයක් උදා නොවෙන බව ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට සිය පක්ෂය ඉතා වගකීමෙන් අවධාරණය කර සිටින බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් මහතා පැවැසීය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනියත බියක් ඇතැමුන් තුළ පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා රට බෙදීමට හෝ කැඩීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන අතර එසේම එම භාරදූර කාර්යභාරය වෙනුවෙන් සිය පක්ෂය බැඳී සිටින බවත් වගකීමෙන් උන්වහන්සේලාට සහතික කර සිටින බවද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පැවැසීය.

එමෙන්ම සුගියදා ජාතික සංවිධාන සම්මේලනය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී කැදවා තිබූ ජාතික නියෝජිත මහ සග සමුළුවට එක්වූ මහානායක සහ අනුනායක ස්වාමීන්වහන්සේලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යටි අරමුණු සහ ඒ මගින් රටට සිදුවන අනර්ථයන් පිළිබද අදහස් පළ කර සිටියේය.

ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවට සංඝ සභාව විසින් ගන්නා ලද ඒකමතික තීන්දුව කරැණු 16කින් යුතු සංඝ ආඥාවක් ලෙසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කෙරිණි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, එම නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතළු නායක හිමිවරුන් පිරිසක් සභාව අමතා පළ කළ අදහස් මෙසේය.

ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

‘‘ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ බලල් අතක් වෙලා“

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපාත්‍රෛයිනිකායික මහා සංඝරත්නයෙන් හේතු 16ක් සහිත සංඝ ආඥාවක්…‘‘ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ බලල් අතක් වෙලා“ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් පැවැත්වූ දෙසුම

Gepostet von Jaathika Sanwidana Ekamuthuwa am Freitag, 4. Mai 2018

මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපාත්‍රෛයිනිකායික මහා සංඝරත්නයෙන් හේතු 16ක් සහිත සංඝ ආඥාවක්…‘‘20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජ.වි.පෙට ලැබෙන ප්‍රතිලාභය‘‘ – මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි

Gepostet von Sampath Manage am Samstag, 5. Mai 2018

මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපාත්‍රෛයිනිකායික මහා සංඝරත්නයෙන් හේතු 16ක් සහිත සංඝ ආඥාවක්…‘‘අද ජනතා විමුක්ති පෙරමුණ ඉටුකරන්නෙ ආණ්ඩුවේ සොර අඹුවගේ කාර්යභාරයයි’’

Gepostet von Sampath Manage am Samstag, 5. Mai 2018

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපාත්‍රෛයිනිකායික මහා සංඝරත්නයෙන් හේතු 16ක් සහිත සංඝ ආඥාවක්…‘‘ජනපති තුමනි, ජේ.ආර්. පවා අත නොගහපු මේ පව්කාර වැඩේ වගකීම ඔබතුමා ගන්න එපා…’’

Gepostet von Sampath Manage am Samstag, 5. Mai 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More