ප‍්‍රධාන පුවත්

විපක්‍ෂයට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂය සමග සන්ධානගතව කටයුතු කිරීමට තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම අදහස් කර සිටින බව හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඉදිරියේදී අගමැතිවරයා වීමට මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිදු බාදාවක් නැති බවත් ඔහුගේ අගමැති ධුරය යටතේ කටයුතු කිරිමට තම කණ්ඩායමට කිසිදු බාධාවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

08 වැනිදා තම කණ්ඩායම විපක්‍ෂයට යන බවත් ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් 15 වැනිදා ගෙන එන බවත් ඉන් ජයගතහොත් මුළු පක්‍ෂයම විපක්‍ෂයට යාමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

එහිදී සන්ධාන මහ ලේකම් හ‍්‍රිලනිප මහ ලේකම් සහ තවත් ශ‍්‍රිලනිප තුන් හතර දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂටය එක්ව ආණ්ඩුවේ සිටිනු ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More