මේ වනවිට ඉන්දිය ගොවි ජනයා ගෙනයන අරගලයට සහයෝගය පළකරන ඒකාබද්ධ විරෝධතාවක් 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ගොවි අරගල ව්‍යාපාරය, වාමාංශික පක්ෂ හා වෘත්තිය සමිති නියෝජිතයන් ඒකාබද්ධව කොළඹ, කොල්ලුපිටියේ පිහිටි ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලදී..
ඉන්දියානු පාලකයිනි, ගොවි ඉඩම් සමාගම්වලට බිලිදෙන නව පනත් හකුළා ගනු!!!
ඉන්දියානු ගොවීන් ඝාතනය හෙළා දකිමු!!!
ඉන්දියාවේ පාලකයින්, කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගන්නා සමාගම්වලට ප්‍රයෝජනවත් වන නව නීති අවලංගු කරන්න!!!
වැනි විරෝධතා පාඨ යටතේ පැවති මෙම විරෝධතාව අවසානයේදී මහකොමසාරිස්වරයා වෙත විරෝධතා ප්‍රකාශනයක් භාරදීමට ගත් උත්සාහයට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ අවසරයක් හිමි නොවූ අතර අවම වශයෙන් විරෝධතා ලිපිය භාරගන්නටවත් කිසිවකු කටයුතු නොකළ තත්වය තුළ විවෘතව පැවති විමසීම් කවුලුව තුළට ලිපිය දමනවා හැර විකල්පයක් විරෝධතාකරුවන්ට ඉතිරි නොවීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...