දේශීය පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රථම අනුමැතිය ලබාදුන් කොවිඩ් – 19 එන්නත වන PfizerBioNtech එන්නතේ සාමුහික එන්නත්කරණ වැඩසටහන 2021 ජනවාරි 01 දින සිට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව අනෙක් ප්‍රධාන එන්නත් ද විවිධ රටවල සාමුහික එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කරන ලදී. නමුත් මේවනවිට මෙම එන්නත් ලබාගත් විශාල සංඛ්‍යාවකට විවිධ ආසාත්මිකතාවයන්ට, සංකූලතාවයන්ට සහ අතුරු ආබාධයන්ට මුහුණ දීමට වූ සිදුවීම් මෙන්ම එන්නත් නිසා සිදුවූ මරණ ද ලොව දසදෙසින් වාර්තාවේ.

තවද, මෙම සාමුහික එන්නත්කරණයේ ආරම්භයට සමගාමීව එන්නත්ලාභියාට එන්නතෙන් සිදුවන ඕනෑම හානියක් අරභයා වන නීතියේ මුක්තිය PfizerBioNtech එන්නතේ නිෂ්පාදකයා වන Pfizer සමාගමට ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් විසින් ලබාදීම ද එම රටවල නීති විශාරදයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

එමෙන්ම එන්නත ලබාගැනීමෙන් පසුව ද වෛරසය ආසාදනය වීම් පිළිබඳව දැන් දැන් විවිධ රටවලින් වාර්තා වීමට පටන්ගෙන තිබේ.

ලොව ප්‍රමුඛ කොවිඩ් – 19 එන්නත් පිළිබඳ වාර්තා එසේ පළවන සංදර්භයක් තුළ; මෙරට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරන්නේ මෙරට ජනතාවට ප්‍රමුඛතාව අනුව එන්නත ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. එසේම මෙම කොවිඩ් – 19 එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ජනතාවට කොවිඩ් එන්නත නොපමාව ලබාදීමට කටයුතු කරන බවත් මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමෙන් පසු එම එන්නත් ප්‍රවාහනය, ගබඩා කිරීම සහ එන්නත් භාවිතයට ගන්නා ආකාරය සම්බන්ධව සිදුකරන පෙරහුරු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්ය.

කෙසේ වූවද මේ පිළිබඳව අදහස් දක්වන ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රවීණයකු ප්‍රකාශ කර සිටියේ මෙරට කොවිඩ් – 19 “වසංගත” ආසාදිතයින්ගෙන් මියගිය සංඛ්‍යාව ඉතා සුලු ප්‍රමාණයක් වන අතර එයට වඩා විශාල පිරිසක් රිය අනතුරුවලින්, අලින්ගෙන් වන අනතුරුවලින්, සර්පයින් දෂ්ඨ කිරීමෙන්, බෝ නොවන රෝගවලින් වැනි විවිධ කාරනා වලින් වාර්ෂිකව මියයන බැවින් මෙම සාමුහික එන්නත්කරණය අප රටේ ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ ඉතා පුලුල් මෙන්ම ඉතා විධිමත් අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් එසේ නොමැතිව සාමුහික එන්නත්කරණය අප රටේ ආරම්භ කිරීමට හදිසිවීම කිසිසේත්ම ප්‍රඥාගෝචර නොවන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More