කොවිඩ් 19 මර්ධනය සඳහා ඊශ්‍රායල ජනතාවට PfizerBioNtech එන්නත එන්නත් කිරීමෙන් පසු පුද්ගලයින් 189,000ක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයෙන් අනතුරුව ඉන් පුද්ගලයින් 12,400 කට එනම් 6.6%ක පිරිසකට වෛරසය වැළඳී තිබූ බවත් ඒ අතරින් පුද්ගලයින් 69ක් දෙවන මාත්‍රාව ද ලබාගෙන තිබූ කොවිඩ් – 19 නව ප්‍රභේදය වැළඳී සිටි පුද්ගලයින් බවත් ඊශ්‍රායලයෙන් වාර්තාවේ.
මේ අතරින් පළමු මාත්‍රාවෙන් සති දෙකකට පසුවත් වෛරසය වැළඳී සිටි පුද්ගලයින් 1,410ක් හමුවී ඇත.
නමුත් PfizerBioNtech නිෂ්පාදකයින් සහතික කර තිබුනේ ඔවුන්ගේ එන්නත ලබාගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය මුල් මාත්‍රාවෙන් දින 15 – දින 21ත් අතරදී 52% – 89%ක ප්‍රමාණයකින් ඉහල යන බවත් දෙවන මාත්‍රාවෙන් දින 07කට පසු එම පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය 95%ක් දක්වා වර්ධනය වන බවත්ය.
“සායනික පරීක්ෂණ වාර්තා” එසේ පෙන්නුම් කළ ද “සාමුහික එන්නත්කරණයේදී” අපේක්ෂිත ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම ලැබේදැයි යන්න ගැටලුවක් බව මින් පෙන්නුම් කරමින් තිබේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/513139-israel-pfizer-vaccine-coronavirus/

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...