ඊයේ (20) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ; මේ වන විට රට පාලනය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා නොවන අතර එය මංකොල්ලකාර කල්ලියක් විසින් සිදුකරමින් සිටින බවයි.
මහ බැංකු වංචාවේ හොරු අල්ලන බව කියා පැමිණි ආණ්ඩුවට සීනි වංචාව ඉලක්කම් සහිතවම පෙන්වා දිය හැකි බවත් ආණ්ඩුව මේ තරම් ඉක්මණින් හොරකම් කිරීම නිසා මාස හතරක් වැනි ඉතා කෙටි කාලයකින් ආණ්ඩුවේ ජනප්‍රියතාව එකපාරම කඩාගෙන වැටී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
”ආණ්ඩුවේ ජනප්‍රියතාව කඩාගෙන වැටීම හරහා ආණ්ඩුවේ ගමන එන්න එන්න කෙටි වෙනවා කියලා පේනවා. කෙටිවන ගමන හරහා මේකේ රැළි වැටිච්ච බඩවල් පුරවාගන්න ජාවාරම්කාරයෝ ටික, ආණ්ඩුව ගේන්න දඟලපු උදවිය දැන් හොරකම් කරන්න පටන් අරන් තියෙනවා. දැන් ආණ්ඩුවට එය කළමනාකරණය කරගන්න බැහැ”
අද මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය දේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය දේ නොව වෙනත් කල්ලියකට අවශ්‍ය දේ සිදුවෙමින් පවතින් බවත් ආණ්ඩුව ජාවරම්කාරයින්ගේ කර මතින් බලය ලබා ගත් හෙයින් එම ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය සෙල්ලම් කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය විකිණීමට සැරසෙන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙස බව පවසා සිටි හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පෙර නොවූ විරූ ලෙස නැගෙනහිර ජැටිය බේරාගැනීම වෙනුවෙන් දේශපාලඥයින්ට එහා ගිය දේශප්‍රේමී කඳවුරක් නිර්මාණය වෙමින් පවතින බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...