දේශීය පුවත්

ඊයේ (19) දින අලුයම් කාලයේදී උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ මුහුදු සැතපුම් 08 පමණ දුරින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකාවකින් අදාල ඉන්දීය ධීවර යාත්‍රාව ආසන්නයට ගිය අවස්ථාවේදී ධීවර යාත්‍රාව අනතුරුදායක හා අවේගසීලීව හසුරවමින් නාවික හමුදා නෞකාවේ ගැටීමට සලස්වා පලා යාමට උත්සාහ ගැනීමේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රාව මුහුදේ ගිලී ධීවරයින්ද අතුරුදහන්ව ඇති බවට නාවික හමුදාව පවසයි.

නාවික හමුදා නෞකාවේ ගැටීමට සැලස්වීමත් සමග ධීවර යාත්‍රාවේ සමතුලිතතාවය බිඳී යාත්‍රාව පෙරලී ගොස් මුහුදේ ගිලී ඇති අතර යාත්‍රාවේ පැමිණි ධීවරයින්ද අතුරුදහන්ව ඇති බවත් ධීවර යාත්‍රාව නාවික හමුදා නෞකාවේ ගැටීම හේතුවෙන් නෞකාවේ මැද බඳ කොටසට හානි සිදුව ඇති අතර නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂිතව යාපනය කන්කසන්තුරෙයි නාවික ජැටිය වෙතට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් නාවික හමුදාව පවසයි.

මේ අතර නාවික හමුදා නෞකාවේ ගැටීමෙන් මුහුදුබත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා බේරාගැනීමේ කටුයුතු දිනය පුරා සිදුකල ද කිසිවෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ බව ඉන්දීය වෙරලාරක්ෂක බළධාරීන් දැනුවත් කිරීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More