ප‍්‍රධාන පුවත්

මෑතදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමරිකාවේ 46 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (20) දින නිළ වශයෙන් දිවුරුම්දීමට නියමිතව තිබියදී ඇමරිකාවේ සෑමතැනකම දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇතැයි වාර්තාවේ.

මේ වනවිට වොෂින්ටන් නගරය වසාදමා ඇති අතර ජාතික ආරක්ෂක බළඇනියේ සෙබලුන් 25,000ක් මුර සංචාරයේ යොදවා අති නමුත් ඔවුන් වැඩි පිරිසක් ට්‍රම්ප් හිතවාදීන් යයි ඇති සැකය මත කොන්ග්‍රස් මණ්ඩළය රැස්වෙන කැපිටෝල් ගොඩනැගිල්ල (Capitol Building) තියුණු මුවහත් කම්බිවලින් (Concertina Wire – Razor Wire Fence) වටකොට ඇති බව විදේශ මාධ්‍යය සඳහන් කරයි.

තම නිළ කාළය අවසන්වීමෙන් අනතුරුව ඉවත්ව යන ජනාධිපතිවරයා සාම්ප්‍රදායික ලෙස මෙම දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූවද ඉවත්ව යන ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම උත්සවය වර්ජනය කිරීමෙන් පැහැදිලිවම පෙනීයන්නේ ඔහු මෙම පත්වීම පිළිනොගන්නා බවයි.

මෙම සංදර්භය තුළ මේ වනවිට ඇමරිකානු ජනතාව මතවාදීමය වශයෙන් දැඩි ලෙස බෙදී ඇති පසුබිමක මතුවී ඇති දැඩි නොසන්සුන්තාවය හේතුවෙන් වොෂින්ටනයට අමතරව ඈත ග්‍රාමීය ප්‍රදේශ පවා මේ ආකාරයේ දැඩි ආරක්ෂක සීමාවන් පනවා ජනතාවගේ සංචරණය දැඩි ලෙස සීමා කර ඇති බව ද වාර්තාවේ.


වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/usa/513009-biden-takes-office-inauguration/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More